ව්‍යාපාර නැගීම් වැටීම් ..

අපි කොච්චර හොඳට ආදායම් විස්තර බැලුවත් ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාර කොයි මොහොතක හෝ කඩාවැටීමේ අවධානමක් තියෙන්න පුළුවන් .
අද හොඳට ඉන්න කෙනා හෙට නැතිවෙන්නම වැටෙන්න පුළුවන් .
ඒ වගේම බැංකු ගනුදෙනු නොකරන සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුගේ ආදායම වඩා ස්තාවර වෙන්නත් පුළුවන් .
ලීස් / ලෝන් ගන්න බැංකු ගනුදෙනු කරන්නම ඕනේ කියන නිර්ණායකය හැදුවේ කවුද මංදා.
එහෙම නම් ඒ නිර්ණායකය හදන්න තිබුනේ මාසෙකට බැංකුවේ මෙච්චර ගානක් ඉතුරුකරන්න පුළුවන් කෙනෙකුට මෙච්චර ගානක ලෝන් එකක් හෝ ලීස් එකක් දෙනවා කියලා පසුගිය මාස පහක ඉතුරුම් බලලා.
මේවා ප්‍රැක්ටිකල් නෑ.
මම දන්න තැන් තියනවා.
එයාලා මුදල් එකතු කරලා රත්තරං බඩු ගන්නවා.
ඒ වගේම ස්තාවර තැන්පත් දානවා.
දරුවන් වෙනුවෙන් ඉඩම් ගන්නවා.
ඒ වගේ අයට ලේසියෙන් ලීසිං ගෙවන්න පුළුවන් හැකියාව තියන අය.
හැබැයි පෙන්නන්න බැංකු ගනුදෙනු නෑ.
සමහර ස්ටේට්මන්ට් වල කොල තුන හතර ට්‍රාන්සැක්ශන් තියන අය ඉන්නවා.
අවසන් ශේෂය කතාකරලා වැඩක් නෑ.

හැබැයි අපි මාර උනන්දුයි ඒ වගේ ඒවට ලීස් එක දෙන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top